YouVersion Logo
Search Icon

එළිදරවු 12:14-16

එළිදරවු 12:14-16 SCV

පාළුකරයේ ඇයගේ ස්ථානයට සර්පයා වෙතින් පියඹා යා හැකි වන පිණිස, මහා රාජාලියාගේ පියාපත් දෙක ස්ත්‍රියට දෙනු ලැබී ය. එහිදී කාලයකටත්, කාලවලටත්, අඩ කාලයකටත් ඕ නඩත්තු කරනු ලබන්නී ය. එවිට සර්පයා, ස්ත්‍රියට පිටුපසින් ගංගාවක් සේ ජලය උගේ කටින් පිට කර හැරියේ, ඒ ජල ප්‍රවාහයෙන් ඇය ගසාගෙන යනු පිණිස ය. එහෙත් පොළොව, ස්ත්‍රියගේ පිහිටට පැමිණ, කට ඇර, මකරා උගේ කටින් වැගුරූ ගංගාව ගිල්ලා ය.