1 සාමුවෙල් 28:5-6
1 සාමුවෙල් 28:5-6 SNRV
සාවුල් පිලිස්තිවරුන්ගේ සේනාව දුටු විට බිය විය; ඔහුගේ සිත ද බොහෝ සේ කම්පිත විය. සාවුල් සමිඳාණන් වහන්සේගෙන් කරුණු විමසූ කල, උන් වහන්සේ ස්වප්නවලින් වත්, උරිම් පස ඇටවලින් වත්, දිවැසිවරුන් ලවා වත් ඔහුට පිළිතුරු නුදුන් සේක.