හිතෝපදේශ 22:1-5
හිතෝපදේශ 22:1-5 SROV
බොහෝ ධනයට වඩා හොඳ නමක්ද රන්රිදීවලට වඩා කරුණාවද අගනේය. පොහොසතාද දුප්පතාද සම්මුඛවෙති; ඔවුන් සියල්ලන්ගේ මැවුම්කාරයා ස්වාමීන්වහන්සේය. නුවණ ඇත්තා විපත්තිය දැක සැඟවෙයි; එහෙත් අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබති. යටත්කමේද ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමේද විපාකය නම් වස්තුවත් ගෞරවයත් ජීවිතයත්ය. කටුගස්ද මලපත්ද වංක අයගේ මාර්ගයෙහි ඇත; තමාගේ ප්‍රාණය ආරක්ෂාකරගන්නා ඒවායින් දුරව සිටියි.






