එබැවින්,
“ඔවුහු දෙවියන්වහන්සේගේ සිංහාසනය ඉදිරියේ,
දිවා රැයේ උන්වහන්සේට, උන්වහන්සේගේ මාලිගයේ මෙහෙ කරති.
සිංහාසන මත හිඳිනා තැනැන්වහන්සේ ස්වකීය අභිමුඛය,
ඔවුනට ඉහළින් සෙවණක් කරන සේක.
‘ඔවුන්ට තවත් කුසගිනි වන්නේ නැත;
පිපාස වන්නේ ද නැත.
හිරු කිරණ හෝ දැවෙන ගිනියමක්,’
ඔවුන්ට පහර දෙන්නේ නැත.