1
යොහන් 2:11
සිංහල කාලීන පරිවර්තනය
මෙය යේසුස්වහන්සේ ගලීලයේ කානාහි දී පෑ ප්රථම අනුහස් ලකුණ ය; මෙයින් උන්වහන්සේ ස්වකීය තේජෝ මහිමය ප්රකාශ කළ සේක; උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ තුළ විශ්වාසය තැබූහ.
Compare
Explore යොහන් 2:11
2
යොහන් 2:4
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ස්ත්රිය, ඔබ මේකට මාව ගාවගන්නේ මොකට ද? මගේ පැය තවම පැමිණ නැතැ” යි කී සේක.
Explore යොහන් 2:4
3
යොහන් 2:7-8
“භාජනවලට වතුර පුරවන්නැ” යි යේසුස්වහන්සේ සේවකයින්ට කී සේක; ඔවුහු මුවවිට දක්වාම ඒවා ජලයෙන් පිරවූහ. “දැන් මෙයින් ටිකක් ගෙන ගොස්, උත්සව සංවිධායකට දෙන්නැ” යි උන්වහන්සේ ඔවුන්ට කී සේක. ඔවුහු එසේ කළහ.
Explore යොහන් 2:7-8
4
යොහන් 2:19
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මේ මාලිගය කඩා දමන්න; තුන් දවසකින් මම එය නැවත ගොඩ නගන්නෙමි” යි පැවසූ සේක.
Explore යොහන් 2:19
5
යොහන් 2:15-16
ලණුවලින් කසයක් තනා, ගවයින් හා බැටළුවන් සමඟ ඒ සියල්ලන් පිටතට පන්නා, විනිමයකරුවන්ගේ කාසි විසුරුවා, ඔවුන්ගේ මේස ද පෙරළා දැමූ සේක; පරෙවි වෙළඳුන් වෙත හැරුණු උන්වහන්සේ, “මේවා මෙතැනින් අරන් පලයල්ලා. මා පියාණන්ගේ ගෘහය වෙළඳ පොළක් කිරීම නවතපල්ලා” යි කී සේක.
Explore යොහන් 2:15-16
Home
Bible
Plans
Videos