එවිට, පියාණන්වහන්සේගෙන් මම ඉල්ලන්නෙමි; උන්වහන්සේ සදහට ම ඔබ සමඟ සිටින්නට වෙනත් සහනදායකයකු දෙන සේක. ඒ, සත්‍යතාවේ ආත්මයාණන් ය. උන්වහන්සේ පිළිගන්නට ලෝකයාට බැරි ය. මන්ද ලෝකයා උන්වහන්සේ දකින්නේවත්, හඳුනන්නේවත් නැත; එහෙත් ඔබ උන්වහන්සේ හඳුනති. මන්ද උන්වහන්සේ ඔබ සමඟ වාසය කරන සේක්, ඔබ තුළ සිටින සේක.