1
අපෝස්තුලුවරුන්ගේ ක්රියා 3:19
සිංහල කාලීන පරිවර්තනය
එබැවින් පසුතැවිලි වී, හැරෙන්න. ඔබේ පාප අතුගා දැමෙන පිණිසත්, නව ප්රබෝධවත් කාලයක් ස්වාමින්වහන්සේ වෙතින් උදා වන පිණිසත්
Compare
Explore අපෝස්තුලුවරුන්ගේ ක්රියා 3:19
2
අපෝස්තුලුවරුන්ගේ ක්රියා 3:6
එවිට පේතෘස්, “රිදීවත්, රත්රන්වත් මට නැත; එහෙත් මට ඇති දේ ඔබට දෙමි, නාසරෙත්හි යේසුස් ක්රිස්තුස්වහන්සේගේ නාමයෙන් නැගිට, ඇවිදින්නැ” යි පවසා
Explore අපෝස්තුලුවරුන්ගේ ක්රියා 3:6
3
අපෝස්තුලුවරුන්ගේ ක්රියා 3:7-8
ඔහුගේ දකුණත අල්ලා ඔහු නැගුටු වීය. එකෙණෙහිම ඔහුගේ කොර පාද හා වළලුකර සවිවූයෙන්, ඔහු උඩ පැන, සිටගෙන, ඇවිදින්නට වන්නේ ය. මෙසේ ඔහු ඇවිදිමින්, පනිමින් හා දෙවියන්වහන්සේට ප්රශංසා කරමින්, ඔවුන් සමඟ දේව මාලිගයට පිවිසියේ ය.
Explore අපෝස්තුලුවරුන්ගේ ක්රියා 3:7-8
4
අපෝස්තුලුවරුන්ගේ ක්රියා 3:16
දැන් ඔබ දකින, ඔබ හඳුනන මේ මිනිසා සවිමත්ව සිටින්නේ, උන්වහන්සේගේ නාමයෙන් සහ ඒ නාමය තුළ ඇදහීමෙනුයි. ඔබ හැමගේ ඇස් ඉදිරිපිට මේ මිනිසා සම්පූර්ණ සුවය ලැබ ඇත්තේ යේසුස්වහන්සේගේ නාමය තුළ ඇදහීම මඟිනි.
Explore අපෝස්තුලුවරුන්ගේ ක්රියා 3:16
Home
Bible
Plans
Videos