1
නෙහෙමියා 8:10
Sinhala New Revised Version 2018
එවිට ඔහු ඔවුන්ට කතා කොට, “ඔබ ගොස් රසවත් දේවල් කා, මිහිරි පානය බී, කිසිවක් සූදානම් කර නොගත් අයට ආහාර පංගු යවන්න. කුමක් නිසා ද අද දින අපේ සමිඳාණන් වහන්සේට ශුද්ධ දිනයකි. ශෝක නොවන්න. මන්ද, සමිඳාණන් වහන්සේ කෙරෙහි ප්‍රීති වීම ඔබේ ශක්තිය වේ ය”යි කී ය.
Compare
Explore නෙහෙමියා 8:10
2
නෙහෙමියා 8:9
තිර්ෂාතා වූ නෙහෙමියා ද නීතිවේදියා වූ පූජක එස්රා ද සෙනඟට ඉගැන්වූ ලෙවීවරු ද මුළු සෙනඟට කතා කොට, “අද දින ඔබ හැමගේ දෙවි සමිඳාණන් වහන්සේට ශුද්ධ දිනයක් ය. වැලපෙන්නට වත්, අඬන්නට වත් එපා ය”යි කී හ. එසේ කීවේ, මුළු සෙනඟ ව්‍යවස්ථාවේ වචන ඇසූ කල ඇඬූ බැවිනි.
Explore නෙහෙමියා 8:9
3
නෙහෙමියා 8:6
එස්රා අති උත්තම දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කෙළේ ය. මුළු සෙනඟ ද අත් ඔසවමින්, “එසේ ම වේ වා!” කියා හිස් නමා මුණින්තලා වී සමිඳාණන් වහන්සේට නමස්කාර කළෝ ය.
Explore නෙහෙමියා 8:6
Home
Bible
Plans
Videos