1
ශුද්ධවර මාක් 13:13
Sinhala New Revised Version 2018
මාගේ නාමය නිසා සියල්ලන් ම ඔබට වෛර කරනු ඇත. එහෙත්, අග දක්වා ම ස්ථීරව සිටින්නා ගළවනු ලැබේ.”
Compare
Explore ශුද්ධවර මාක් 13:13
2
ශුද්ධවර මාක් 13:33
නියමිත මොහොත කවදා දැ යි ඔබ නොදන්න බැවින්, පරෙස්සම් වන්න, අවදි ව ඉන්න.
Explore ශුද්ධවර මාක් 13:33
3
ශුද්ධවර මාක් 13:11
ඔවුන් ඔබ පාවා දෙන්න ගෙන යන කල කුමක් කියන්න දැ යි කල් තියා කරදර නොවන්න. ඒ පැයේ දී ම ඔබට දෙනු ලබන දෙය කියන්න. මන්ද, කතා කරන්නේ ඔබ නොව ශුද්ධාත්මයාණන් වහන්සේ ය.
Explore ශුද්ධවර මාක් 13:11
4
ශුද්ධවර මාක් 13:31
අහසත් පොළොවත් පහ ව යන්නේ ය, එහෙත් මාගේ වචනය කිසි දා පහ ව නොයන්නේ ම ය.”
Explore ශුද්ධවර මාක් 13:31
5
ශුද්ධවර මාක් 13:32
“ඒ දිනය පිළිබඳ ව හෝ ඒ පැය පිළිබඳ ව හෝ කිසිවෙක් නොදනිති; ස්වර්ගයෙහි දූතයෝ වත්, පුත්‍රයාණෝ වත් නොදනිති; එය දන්නේ පියාණන් වහන්සේ පමණක් ය.
Explore ශුද්ධවර මාක් 13:32
6
ශුද්ධවර මාක් 13:7
යුද්ධ ගැන ද යුද්ධ පිළිබඳ දූසමාන ආරංචි ද ඔබ අසන කල සන්ත්‍රාසයට පත් නොවන්න. මේ දේවල් සිදුවනු ඒකාන්ත ය. එහෙත් අවසානය තව ම නැත.
Explore ශුද්ධවර මාක් 13:7
7
ශුද්ධවර මාක් 13:35-37
ඒ ගෘහපතියා කොයි වේලේ එයි ද, සවස ද මධ්‍යම රාත්‍රියේ ද කුකුළා හඬලන වේලේ ද අලුයම දැ යි, ඔබ නොදන්නා හෙයින්, ඔහු හදිසියෙන් අවුත් ඔබ නිදා හිඳිනු නොදක්නා පිණිස, අවදි ව සිටින්න. ඔබට කියන දෙය හැමට ම කියමි, අවදි ව සිටින්න.”
Explore ශුද්ධවර මාක් 13:35-37
8
ශුද්ධවර මාක් 13:8
මන්ද, ජාතියක් ජාතියකට විරුද්ධ ව ද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධ ව ද නැඟී සිටිනු ඇත. නොයෙක් තැන්හි භූමි කම්පා ඇති වේ. සාගත ද ඇති වේ. මේ වූකලී නව යුගය බිහි කරවන ප්‍රසව වේදනාවේ පටන්ගැන්ම ය.
Explore ශුද්ධවර මාක් 13:8
9
ශුද්ධවර මාක් 13:10
පළමු කොට සියලු ජාතීන් හට සුබ අස්න දේශනා කළ යුතු ය.
Explore ශුද්ධවර මාක් 13:10
10
ශුද්ධවර මාක් 13:6
බොහෝ දෙනෙක් මාගේ නාමයෙන් අවුත්, ‘මම එතුමා ය’ කියා බොහෝ දෙන මුළා කරන්නාහ.
Explore ශුද්ධවර මාක් 13:6
11
ශුද්ධවර මාක් 13:9
“එහෙත් පරෙස්සම් වන්න. ඔවුන් උසාවිවලට ඔබ පාවා දෙනු ඇත. ධර්මශාලාවලට ගෙනවුත් ඔබට තළනු ඇත. ඔබ මා නිසා, ආණ්ඩුකාරයන් ද රජුන් ද අබිමුවෙහි, ඔවුන්ට සාක්ෂි වන පිණිස පෙනී සිටිනු ඇත.
Explore ශුද්ධවර මාක් 13:9
12
ශුද්ධවර මාක් 13:22
මක්නිසා ද බොරු ක්‍රිස්තුවරයන් ද බොරු දිවැසිවරයන් ද පහළ වී, හැකි නම්, තෝරාගත් අය මුළා කරන පිණිස හාස්කම් හා අරුමපුදුම දේ දක්වනු ඇත.
Explore ශුද්ධවර මාක් 13:22
13
ශුද්ධවර මාක් 13:24-25
“තවද, ඒ දවස්වල දී දුක් ගාවිනාවලින් පසු ව, හිරු මඬල අඳුරු වන්නේ ය; සඳ මඬල එළිය නොදෙන්නේ ය. අහසින් තාරකාවෝ පතිත වන්නාහ; අහසේ බලපරාක්‍රමයෝ චංචල වන්නාහ.
Explore ශුද්ධවර මාක් 13:24-25
Home
Bible
Plans
Videos