‘එන්න, අපි සමිඳුන්ගේ කන්දට යමු;
ජාකොබ්ගේ දෙවිඳුන්ගේ මාලිගාවට යමු.
එවිට ස්වකීය මාර්ගය ගැන එතුමාණන් අපට උගන්වනු ඇත:
අපි ද එතුමාණන්ගේ මාර්ගවල ගමන් කරන්නෙමු’යි කියන්නෝ ය.
මන්ද, සමිඳුන්ගේ නීතිය සියොන් කන්දෙන් ද එතුමාණන්ගේ ඉගැන්වීම ජෙරුසලමෙන් ද නිකුත් වන්නේ ය.