මා නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් පිටතට ගෙනා කාලයේ දී දවන යාග පූජා ගැන වත්, යාග ගැන වත් මම ඔවුන්ට කතා නොකෙළෙමි; අණ නොකෙළෙමි. එහෙත්, මා ඔවුන්ට අණ කෙළේ, ‘මාගේ හඬට කීකරු වන්න, එවිට මම නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. නුඹලා ද මාගේ සෙනඟ වන්නහු ය; නුඹලාට ශුභසිද්ධ වන පිණිස මා නුඹලාට අණ කරන මාර්ගය අනුව හැසිරෙන්න, කියා ය.