ගිලියද්වරු එප්‍රායිම්ට යන ජොර්දාන් තොටුපොළවල් අල්ලාගත්තෝ ය. පලාගිය එප්‍රායිම්වරුන්ගෙන් යමෙකු අවුත්, “මට එගොඩ වන්නට අවසර දෙන්නැ”යි කී කල, ගිලියද් සෙනඟ, “ඔබ එප්‍රායිම් වැසියෙක් දැ”යි ඔහුගෙන් අසති. ඔහු “නැතැ”යි කීවොත්, “ ‘ෂිබ්බොලෙත්’ කියා කියාපන්නැ”යි ඔව්හු ඔහුට කියති. ඔහුට එය හරියට උච්චාරණය නොකළ හැකි ව, ‘සිබ්බොලෙත්’ කියා කීවොත්, ඔව්හු ඔහු අල්ලා ජොර්දාන් තොටුපොළවල් ළඟ මරති. ඒ අයුරින් එප්‍රායිම්වරුන්ගෙන් සතළිස්දෙදහසක් මැරුම්කෑවෝ ය.