සමිඳාණෝ මෙසේ වදාරන සේක:
“නුඹලා සබත් දවස ශුද්ධ ලෙස පවත්වා, ඒ දවසේ දී නුඹගේ කැමැත්ත නොකර, සමිඳුන්ගේ සබත ප්රිය වන ගෞරවණීය දවසක් යයි කියන්නහු නම්, ඒ දවසේ දී ගමන් බිමන් නොගොස්, ගනුදෙනු නොකර, අල්ලාප සල්ලාප නොදොඩා ඒ දවසට ගෞරව කරන්නහු නම්,
මට සේවය කිරීමෙන් ඇති වන ප්රීතිය නුඹලා භුක්ති විඳින්නහු ය.
ලොවෙහි උසස් ම ගෞරවය නුඹලාට අත් කර දෙන්නෙමි.
නුඹලාගේ පිය වූ ජාකොබ්ට උරුමයක් වශයෙන් දුන් දේශය නුඹලා භුක්ති විඳින්නහු ය.
මෙසේ වදාරන්නේ සමිඳුන් වන මම ය.”