1
උත්පත්ති 45:5
Sinhala New Revised Version 2018
ඔබ මා මෙහි විකුණූ නිසා කරදර නො වන්න; නො තැවෙන්න. මන්ද, ඔබේ ජීවිතය රකිනු පිණිස ඔබට පෙරටුව දෙවියන් වහන්සේ මා මෙහි එවූ සේක.
Compare
Explore උත්පත්ති 45:5
2
උත්පත්ති 45:8
එබැවින් මා මෙහි එවූයේ ඇත්තෙන් ම ඔබ නොව දෙවියන් වහන්සේ ය. තවද, උන් වහන්සේ පාරාවෝ හට මා පියෙකු කොට, ඔහුගේ රජ වාසල මුදලිඳු වශයෙන් ද, මුළු මිසර දේශාධිපති වශයෙන් ද මා පත් කළ සේක.
Explore උත්පත්ති 45:8
3
උත්පත්ති 45:7
මිහි පිට ඔබට පෙළපතක් පවතින පිණිසත්, ඔබගෙන් බොහෝ දෙනෙකු ගළවා ඔබේ ජීවිත ආරක්ෂා කිරීමටත් දෙවියන් වහන්සේ ඔබට පෙරටුව මා එවූ සේක.
Explore උත්පත්ති 45:7
4
උත්පත්ති 45:4
නැවත ජෝසෙප් තම සහෝදරයන් අමතා, “කරුණාකර, මා ළඟට එන්නැ”යි කී විට ඔවුන් ද ළං වූයෙන්, “ඔබ මිසර දේශයට විකුණූ ඔබේ සහෝදරයා වන ජෝසෙප් මම ය
Explore උත්පත්ති 45:4
5
උත්පත්ති 45:6
මේ සාගතය රටේ පැවතෙන දෙ වන අවුරුද්ද ය; සීසෑමක් හෝ අස්වැන්න නෙළීමක් හෝ නැති අවුරුදු පහක් තව ඇත.
Explore උත්පත්ති 45:6
6
උත්පත්ති 45:3
ජෝසෙප් ඔහුගේ සහෝදරයන් අමතමින්, “මම ජෝසෙප් ය. මාගේ පියා තව ම ජීවත් ව සිටී දැ”යි ඇසී ය. ඔහුගේ සහෝදරයන් ඔහු දැකීමෙන් තුෂ්ණීම්භූත ව සිටි හෙයින් ඔහුට උත්තර දීගන්නට ඔවුන්ට නොහැකි විය.
Explore උත්පත්ති 45:3
Home
Bible
Plans
Videos