තවද, ඒ ඒ වංශවල ප්රධානීන්ගෙන් සමහරු ජෙරුසලමෙහි තිබෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පැමිණි කල්හි, දෙවියන් වහන්සේගේ මාලිගාව ස්වකීය ස්ථානයෙහි ගොඩනඟන පිණිස සිය කැමැත්තෙන් දුන් පඬුරු ඔප්පු කළහ. ඔව්හු තමන්ගේ පුළුවන්කමේ හැටියට රන් කිලෝග්රෑම් පන්සියයක් ද රිදී කිලෝග්රෑම් දෙදහස් අටසියයක් ද පූජකවස්ත්ර සියයක් ද කර්මාන්ත සඳහා ගබඩාවට දුන්නෝ ය.