තවද, දාවිත් රජ අබිෂයිටත්, තමාගේ සියලු සේවකයන්ටත් කතා කොට, “බලන්න, මට දාව උපන් මාගේ ම පුත්රයා මා නසන්නට සොයන්නේ නම්, ඊට කොපමණ වැඩියෙන් මේ බෙන්ජමින් ජාතිකයාට දැන් එසේ කරන්නට බැරි ද? ඔහු නිකම් සිටියා වේ, දෙස් කීවා වේ; මන්ද, එලෙස කරන්නට සමිඳාණන් වහන්සේ වදාළ සේක. සමහර විට මට කරන ලද අයුක්තිය දෙස සමිඳාණන් වහන්සේ බලා, අද දවසේ ඔහුගේ දෙස් කීම වෙනුවට මට යහපත කරනු ඇතැ”යි කී ය.