දිනක් සවස් වේලේ දාවිත් තමාගේ යහනින් නැඟිට ගොස්, රජ මාලිගාවේ පියස්ස උඩ සක්මන් කෙළේ ය. එවිට ස්ත්රියක ස්නානය කරනු ඔහු පියස්සේ සිට දිටී ය. ඒ ස්ත්රිය ඉතා රූමත් වූවා ය. දාවිත් පණිවුඩ යවා ස්ත්රිය ගැන විභාග කරවී ය. එක් කෙනෙක් කතා කොට, “ඈ එලියාම්ගේ දුව වන, හිත්තීය ජාතික උරියාගේ බිරිඳ වන බැත්-ෂෙබා නොවේ දැ”යි කී ය.