පසු දා අලුයම අෂ්දොද්හි වැසියන් අවදි වූ විට, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරිපිට දාගොන් මුණින්තළා වී තිබෙනවා ඔව්හු දුටුහ. ඔව්හු දාගොන් රැගෙන නැවත ඔහු කලින් තිබූ ස්ථානයෙහි ම තැබූ හ. ඔව්හු පසු දා අලුයම අවදි වූ විටත් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ළඟ යළිත් දාගොන් මුණින්තළා වී බිම සිටිනවා දුටුහ; දාගොන්ගේ හිස ද අත් දෙක ද වෙන් වී එළිපත්ත උඩ තිබෙනවා දුටුහ; ඉතිරි ව තිබුණේ කඳ පමණක් ය.