1
ශුද්ධවර මාක් 5:34
Sinhala New Revised Version
උන් වහන්සේ කතා කරමින්, “දියණියනි, ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කෙළේ ය; ශාන්ත සිතින් යන්න; ඔබේ පීඩාවෙන් මිදී වසන්නැ”යි ඈට වදාළ සේක.
Compare
Explore ශුද්ධවර මාක් 5:34
2
ශුද්ධවර මාක් 5:25-26
දොළොස් වසරක් ම මහා ලේ රෝගයෙන් පෙළුණු ස්ත්රියක් එහි වූවා ය. ඈ බොහෝ වෙදුන් අතින් අපමණ දුක් විඳ, තමා සතු සියල්ල වියදම් කොටත්, කිසි ගුණයක් නොලැබුවා ය. එපමණක් නොව ඇගේ තත්ත්වය අනුක්රමයෙන් වඩ වඩාත් උග්ර විය.
Explore ශුද්ධවර මාක් 5:25-26
3
ශුද්ධවර මාක් 5:29
එකෙණෙහි ම ලේ ධාරාව නැවතී ඒ පීඩාවෙන් ඈට සුවය ලැබුණු බව ඇගේ ම ඇඟට දැනිණි.
Explore ශුද්ධවර මාක් 5:29
4
ශුද්ධවර මාක් 5:41
ඇය අතින් අල්ලා, “තලිතාකුම්”යි ඈට වදාළ සේක. එහි අර්ථය: “දැරිය, මම ඔබට කියමි, නැඟිටින්න” යනු ය.
Explore ශුද්ධවර මාක් 5:41
5
ශුද්ධවර මාක් 5:35-36
උන් වහන්සේ මෙවදන් පවසත්ම ධර්මශාලා නායකයාගේ ගෙදරින් සමහරු අවුත්, “ඔබේ දුව මළා ය. ඉතින් ගුරුදේවයන් තවත් වෙහෙසන්නේ කුමට දැ”යි කී හ. එහෙත්, ජේසුස් වහන්සේ ඒ කීම නොසලකා ධර්මශාලා නායකයාට කතා කොට, “බිය නොවන්න, ඇදහිල්ල ඇති ව සිටින්නැ”යි වදාළ සේක.
Explore ශුද්ධවර මාක් 5:35-36
6
ශුද්ධවර මාක් 5:8-9
එසේ කීවේ “අශුද්ධාත්මය, මේ මිනිසාගෙන් දුරුවෙව”යි උන් වහන්සේ ඔහුට කී බැවිනි. “නුඹේ නම කුමක් දැ”යි උන් වහන්සේ ඔහුගෙන් ඇසූ සේක. “මගේ නම සේනා ය, අපි සේනාංකයක් වම්හ”යි ඔහු කී ය.
Explore ශුද්ධවර මාක් 5:8-9
Home
Bible
Plans
Videos