1
ශුද්ධවර ලූක් 18:1
Sinhala New Revised Version
තවද ඔවුන් අධෛර්ය නොවී නොකඩවා යාච්ඤාවෙහි යෙදිය යුතු බව දක්වන පිණිස උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළ සේක
Compare
Explore ශුද්ධවර ලූක් 18:1
2
ශුද්ධවර ලූක් 18:7-8
දෙවියන් වහන්සේත්, දිවා රෑ දෙක්හි තමන් හට අයැදින, තමන් තෝරාගත් අය ගැන යුක්තිය ඉටු නොකරන සේක් ද? උන් වහන්සේ ඔවුන් ගැන බොහෝ නොඉවසන සේක් ද? උන් වහන්සේ ඔවුන්ට වහා ම යුක්තිය ඉටු කරන සේකැ යි, මම ඔබට කියමි. එසේ වුව ද, මනුෂ්‍ය-පුත්‍රයාණන් වඩිනා කල මිහි පිට ඇදහිල්ල ඇති අය උන් වහන්සේට සම්බ වනු ඇද්දැ”යි ඇසූ සේක.
Explore ශුද්ධවර ලූක් 18:7-8
3
ශුද්ධවර ලූක් 18:27
“මනුෂ්‍යයන්ට නොහැකි දේ දෙවියන් වහන්සේට හැකි ය”යි වදාළ සේක.
Explore ශුද්ධවර ලූක් 18:27
4
ශුද්ධවර ලූක් 18:4-5
ඔහු කලක් ඒ ඉල්ලීම නොසලකා හැරියේ ය. පසුව ඔහු තමාට ම මෙසේ කියාගත්තේ ය, ‘මා දෙවියන් වහන්සේට ගරුබිය නොපෑවත්, මනුෂ්‍යයන්ට ගරු සරු නොකළත්, මේ වැන්දඹුවගේ, කරදරය නිසා ඈ නිතර පැමිණ මා නොවෙහෙසන පිණිස, ඈට යුක්තිය ඉටු කර දෙමි’යි කීයේ ය.”
Explore ශුද්ධවර ලූක් 18:4-5
5
ශුද්ධවර ලූක් 18:17
ඇත්තෙන් ම මම ඔබට කියමි, යමෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ළදරුවෙකු මෙන් නොපිළිගන්නේ ද, ඔහු කිසි සේත් එහි ඇතුළු නොවන්නේ ය”යි වදාළ සේක.
Explore ශුද්ධවර ලූක් 18:17
6
ශුද්ධවර ලූක් 18:16
එහෙත් ජේසුස් වහන්සේ ඔවුන් තමන් වෙත කැඳවා, “ළදරුවන්ට මා වෙත එන්නට ඉඩ දෙන්න; ඔවුන් නොවළක්වන්න; මන්ද, දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙබඳුවන්ගේ ය.
Explore ශුද්ධවර ලූක් 18:16
7
ශුද්ධවර ලූක් 18:42
“පෙනීම ලබන්න, ඔබේ ඇදහිල්ල ඔබ සුව කෙළේ ය”යි වදාළ සේක.
Explore ශුද්ධවර ලූක් 18:42
8
ශුද්ධවර ලූක් 18:19
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මා ‘යහපත් ය’යි ඔබ කියන්නේ මන් ද? හුදෙක් දෙවියන් වහන්සේ මිස අන් කිසිවෙක් යහපත් නොවේ.
Explore ශුද්ධවර ලූක් 18:19
Home
Bible
Plans
Videos