1
එසකියෙල්ගේ 4:4-5
Sinhala New Revised Version
“දැන් නුඹ වම් අතට හැරී දිගා වන්න. ඉශ්රායෙල් ජාතියේ වරද මම නුඹ පිට තබන්නෙමි. නුඹ යම් තාක් කල් දිගා වී සිටින්නෙහි ද ඒ තාක් කල් නුඹ ඔවුන්ගේ වරදේ විපාකය විඳින්නෙහි ය. මම නුඹට දවස් ගණනක් නියම කරන්නෙමි. එනම්, දවස් තුන්සිය අනූවකි. එක එක දවස ඉශ්රායෙල් ජාතියේ එක එක අවුරුද්ද වශයෙන් ගණන් ගනු ලැබේ.
Compare
Explore එසකියෙල්ගේ 4:4-5
2
එසකියෙල්ගේ 4:6
නුඹ මෙසේ කළ පසු නුඹ යළිත් දිගා වන්නෙහි ය. එහෙත්, දැන් දකුණු අතට ය. මෙසේ නුඹ ඉශ්රායෙල් ජාතියේ වරද දරා ගන්නෙහි ය. මම නුඹට දවස් සතළිසක් නියම කරන්නෙමි; එක එක දවස එක එක අවුරුද්ද වශයෙන් ගණන්ගනු ලැබේ.
Explore එසකියෙල්ගේ 4:6
3
එසකියෙල්ගේ 4:9
“තවද, නුඹ තිරිඟු, යව, මෑ, කොල්ලු, කුරක්කන් හා තණහාල් රැගෙන, ඒවා භාජනයක තබා එයින් රොටි සාදාගන්න. නුඹ එක අංශයකට දිගා වී සිටින දවස් ගණන වන දවස් තුන්සිය අනූව තුළ ඒවා අනුභව කරන්න.
Explore එසකියෙල්ගේ 4:9
Home
Bible
Plans
Videos