1
හිතෝපදේශ 22:6
Sinhala Revised Old Version
දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න, එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය.
Compare
Explore හිතෝපදේශ 22:6
2
හිතෝපදේශ 22:4
යටත්කමේද ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමේද විපාකය නම් වස්තුවත් ගෞරවයත් ජීවිතයත්ය.
Explore හිතෝපදේශ 22:4
3
හිතෝපදේශ 22:1
බොහෝ ධනයට වඩා හොඳ නමක්ද රන්රිදීවලට වඩා කරුණාවද අගනේය.
Explore හිතෝපදේශ 22:1
4
හිතෝපදේශ 22:24
තරහ ගති ඇත්තෙකු සමඟ මිත්‍රනොවෙන්න; කෝපාධික මනුෂ්‍යයෙකු සමඟ නොගැවසෙන්න.
Explore හිතෝපදේශ 22:24
5
හිතෝපදේශ 22:9
කරුණා ඇසක් ඇත්තාට ආශීර්වාද ලැබේ; මක්නිසාද ඔහු තමාගේ කෑමෙන් දිළින්දාට දෙන්නේය.
Explore හිතෝපදේශ 22:9
6
හිතෝපදේශ 22:3
නුවණ ඇත්තා විපත්තිය දැක සැඟවෙයි; එහෙත් අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබති.
Explore හිතෝපදේශ 22:3
7
හිතෝපදේශ 22:7
වස්තුකාරයා දිළිඳුන් කෙරෙහි ආණ්ඩුකරන්නේය, ණයගන්නා ණයදෙන්නාට මෙහෙකරුවෙක්ය.
Explore හිතෝපදේශ 22:7
8
හිතෝපදේශ 22:2
පොහොසතාද දුප්පතාද සම්මුඛවෙති; ඔවුන් සියල්ලන්ගේ මැවුම්කාරයා ස්වාමීන්වහන්සේය.
Explore හිතෝපදේශ 22:2
9
හිතෝපදේශ 22:22-23
දිළින්දා දිළිඳු බැවින් ඔහුගෙන් කොල්ල නොකන්න, අසරණයාට දොරටුවේදී පීඩා නොකරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් වෙනුවට විත්ති කියා, ඔවුන්ගෙන් කොල්ලකන්නන්ගේ ප්‍රාණය කොල්ලකන්නේය.
Explore හිතෝපදේශ 22:22-23
Home
Bible
Plans
Videos