1
ජෙරෙමියා 27:5
Sinhala Revised Old Version
මමම මාගේ මහත් බලයෙන්ද දිගුකළ මාගේ හස්තයෙන්ද පොළොව සහ පොළොව මතුපිට සිටින මනුෂ්‍යයාත් තිරිසනාත් මැවුවෙමි; මට හරිව පෙනෙන ලෙස මම කැමති අයට එය දෙමි.
Compare
Explore ජෙරෙමියා 27:5
2
ජෙරෙමියා 27:6
දැනුදු මමම මේ සියලු දේශ මාගේ සේවකයාවූ, බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ගේ අතට දුනිමි; ඔහුට සේවයකරන්ට වනයේ සත්වයන්ද ඔහුට දුනිමි.
Explore ජෙරෙමියා 27:6
3
ජෙරෙමියා 27:9
එබැවින්: නුඹලා බබිලෝනියේ රජුට සේවයකරන්නේ නැතැයි නුඹලාට කියන නුඹලාගේ අනාගතවක්තෘවරුන්ටද නුඹලාගේ පේනකියන්නන්ටද නුඹලාගේ ස්වප්නවලටද නුඹලාගේ මායම්කාරයන්ටද නුඹලාගේ මන්ත්‍රකාරයන්ටද ඇහුම්කන්නොදෙන්න.
Explore ජෙරෙමියා 27:9
4
ජෙරෙමියා 27:22
ඒවා බබිලෝනියට ගෙනයනු ලබන්නේය, මා ඒවා විමසා බලන දවස දක්වා ඒවා එහි තිබෙන්නේය; එවිට මම ඒවා ගෙනැවිත් නැවත මේ ස්ථානයට පමුණුවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවෙමි.
Explore ජෙරෙමියා 27:22
Home
Bible
Plans
Videos